මම මීට පෙර ලිපියෙදි කාතා කලා මොකක්ද online money කියන්නෙ කියලා. දැන් බලමු අපි මොනවද online money හම්බකරන්න තීන ක්‍රම කියලා. මෙකෙදි මම කතා කරන්නෙ මම දන්න ක්‍රම කිපයක් ගැන විතරයි. නමුත් මම නොදන්න වඩා සාර්තක ක්‍රම බොහොමයක් තියෙන්න පුලුවන්.
1. Freelance
මම වැඩිපුරම අත්දැකිම් ලබලා තින්නෙ මෙ සම්බන්දව තමයි. Freelance සම්බන්දව දිර්ගලෙස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Freelance කියන වචනෙ තෙරැම නම් වගකිමකින් තොර බැඳිම කියන එකයි. මෙහිදි සිදුවන්නෙ යම් පුද්ගලයකුගේ කාර්යයක් වෙනුවෙන් අපගේ සේවාව ලබාදිමයි. නමුත් අපි කිසිදු සේවා ගිවිසුමක් හෝ වෙනත් නිත්‍යානුකුල බැඳිමක් ඇති කරගන්නේ නැහැ.
2. google adsense
මෙයද ඉතා හොඳ ආදායම් මාර්ගයක්. නමුත් මෙය හොඳ ආදායම් මාර්ගයක් කර ගැනිමට ඔබට SEO සම්බන්ද හොඳ දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙම ක්‍රමයෙන් සාර්තක වීම සඳහා යම් කාල සීමාවක් ගතවෙනවා. අපේ භාශාවෙන් කියනයනම් මුලින් හොඳ කට්ටක් කන්න වෙනව. නමුත් මුලින් කට්ටක් කාලා ගොඩදාගත්තොත් කාලයක් ගතවෙද්දි සුලු කාලයක් වැඩ කරලා ලොකු අදායමක් ලබාගන්න පුලුවන්. SEO කියන්නේ web site එකක් search engine එකක (උදා : google.com) මුල් result අතරට ගන්න ක්‍රියාත්කක කරන වැඩපිලිවෙල. SEO වෙනුවෙන් ලොකු company විශාල ලෙස මුදල් යොදවනව. ඉතින් අපේ වෙබ් අඩවියක් මුල් result අතරට ගන්න එක ලේසි වැඩක් කියන්න අමාරැයි. google adsense සම්බන්දයෙන් පසුව ලිපියක් පල කරන්න බලාපොරොත්තු වෙනව.
3. Affiliate Marketing
Affiliate Marketing සම්බන්දවනම් මගේ දැනුම බොහොම අල්පයි. ඒත් මම සරලව කියන්නම් මොකක්ද මේ Affiliate Marketing කියන්නෙ කියලා. හිතන්න ඔබට සපත්තු කඩයක් තිනව කියලා. මම ඔබට අලුත් ගැනුම් කරැවෙක් හදුන්වා දෙනවා. ඒ වෙනුවෙන් ඔබ මට නව ගැනුම් කරැවා මිලදි ගත් බඩුවෙ මිලෙන් 5% ක් ගෙවනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි Affiliate Marketing කියන්නෙ. මෙය සිද්දවෙන විවිද ආකාර තියෙනවා. ඒ වගේම මෙම ක්‍රමය online business දියුනු කර ගැනිමට ඉතා බහුලව යොදාගන්නා ක්‍රමයක්. මෙම ක්‍රමයෙදිත් google adsense වලදි වගේම මුලින් කට්ටක් කන්න වෙනවා. ඒ වගේම SEO සම්බන්ද හොඳ දැනුමක් මෙහිදිත් අවශ්‍ය වෙනවා.
4. Sell on stocks
Photos, Images, Musics, Art works විකුනන්න තියෙන web sites බොහොමයක් තියෙනවා. උදාහරන විදියට istockphoto.com , shutterstock, bigstock වගේ web sites පෙන්වා දෙන්න පුලුවන්. මෙවාගෙ web sites වලට මේවා ලැබෙන්නෙ ලොකේ වටේම ඉන්න පුද්ගලයන්ගෙන්. අපටත් පුලුවන් මෙවාගේ web sites වලට Photos, Images, Musics, Art works සපයලා මුදල් උපයන්න. බොහෝ විට මෙවැනි web sites වල සැම මිලදි ගැනිමකදිම අපට විකුනුම් මිලෙන් යම් ප්‍රතිශතයක් ගෙවනවා. ඉතින් ඔබට එවැනි දක්ෂතාවක් තියෙනවනම් මෙක online මුදල් උපයන්න හොඳ ක්‍රමයක් වෙන්න පුලුවන්.
5. Sell on online market places
Ebay, Amazon වගේ බොහොම ප්‍රසිද්ද web sites ගොඩක් online market places විදියට අන්තර්ජාලය තුල තියෙනවා. ඔබට පුලුවන් මෙවැනි web sites හරහා යම් යම් දේ විකුනන්න. නමුත් ලංකාවෙ තියෙන නීතිත් එක්ක අපි විකුනන දේ රටින් පිටට යැවිම ගැටලුවක් වෙන්න පුලුවන්. අපට Online Market places වල විකුනන්න බැරි උනාට වෙනත් ක්‍රමයක් තිනවා ඒ හරහා මුදල් උපයන්න. සමහර පුද්ගලයින් ඉන්නවා විශාල වශයෙන් Online Market places හරහා බඩු විකුනන. එවගේ අයට ගොඩක් වෙලාවට තමන්ගේ store එක තනියම manage කරගන්න අමාරැයි. ඒ නිසා පිටින් අය ගන්නවා තමන්ගේ store එක mange කරන්න. මේ සම්බන්දයෙනුත් වැඩිදුර විස්තර ඉදිරි ලිපියකදි ලියන්න බලාපොරොත්තු වෙනවා.
මිට අමතරව මම දන්න තව ක්‍රම කිහිපයක් ඉදිරි ලිපියකදි ලියන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දන්න සාර්තක ක්‍රමත් තිනවනම් ඒවත් comment එකක් විදියට ලියලා යන්න.
- ඔබේ මිතුරන්ටත් කියන්න කැමතිනම් මෙතනින් පුලුවන්